ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි මේ රජය අද ගොවියා විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

විපක්ෂ නායකවරයා CIFL මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කර අගතියට පත් පිරිස සමග විපක්ෂ නායක කාර්යාලයේ දී

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද CIFL මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කර අගතියට පත් පිරිස සමග විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කරන ලද සාකච්ඡාවේදීය.

රුපියල් 17000ට ගිය පොහොර මිටිය රුපියල් 10,200ට දෙනවා කියා ඇමති කිව්වත් අද පොහොර හිඟයක් ඇති බවත් රටේ පොහොර නැති තැන්  විශාල වශයෙන් ඇති බවත් වගා කටයුතු සඳහා යන පිරිවැය අහස උසට ගියත් අද අස්වැන්නට සාධාරණ මිලක් නැති බවත් වත්මන් රජයේ මැති ඇමතිවරු  විපක්ෂයේ සිටින විට ගොයම් කකා රුපියල්150ක් ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද ඒ මිල ගොවියාට නොලැබෙන බවත් අද අම්පාරේ අස්වනු නෙළන විට වී කිලෝව රුපියල් 70-80ට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලි මිනිස් ගැටුම නිසා අස්වනු හා දේපල හානියක් සිදුවන බවත් මේ නිසා මිනිසාගේ සේම අලියාගේ ජීවිත ද අහිමි වන මොහොතක ගොවියා වෙනුවෙන් පෙනී සිටි රජයේ අය අද හොයාගන්න නොමැති බවත් විපක්ෂයේ සිටින විට අඬබෙර ගසා ගොවියා වෙනුවෙන් හෙළු කඳුළු කිඹුල් කඳුළු බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගොවි ජනතාව අද කඳුළු හෙළන තැනට පත්ව ඇති බවත් ජන ජීවිත කඩා වැටි ප්‍රමාණවත් ආහාර පවා ලබා ගන්න නොහැකිව මන්ද පෝෂණය වර්ධනය වී ඇති බවත් පාසල් අධ්‍යාපනය පවා කඩා වැටී ඇති බවත් මේ බොරුකාර පච දේශපාලනය නිසා ගොවියාත් ජනතාවත් අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම අද ගොවියාගේ අයිතිය වෙනුවෙන් සිටින්නේ සමගි ජන බලවේගය බවත් අවම වශයෙන් රුපියල්120ක ස්ථාවර මිලක් ලැබෙන තුරු ගොවියා වෙනුවෙන් පෙනී සිටින බවත් කාලයක් කාබනික පොහොර කියා අසුචි පොහොර දී ගොවියා විනාශ කළා සේ අද ගොවියාට ගුණාත්මක පොහොර නැති බවත් විවිධ ආණ්ඩු ගොවියා රැවැට්ටුවත් අදටත් ගොවියා වෙනුවෙන් පෙනී සිටින්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website