එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම, ඉරානය නෞකා අවහිර කිරීම නැවැත්වීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා රාමුවක් සඳහා දෙපාර්ශ්වය එකඟ වූ බවයි. එය තෙල් මිල පහත වැටීමට හේතු වූ නමුත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ඉරණම තවදුරටත් සාකච්ඡා සඳහා ඉතිරි කරන මූලික ගිවිසුමක් බව ද එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා ඔහුගේ Truth Socialහි මෙසේ ලිවීය. “ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ගිවිසුම දැන් සම්පූර්ණයි,”
මැදිහත්කරුවෙකු ලෙස සේවය කර ඇති පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ගිවිසුමක් ඇති කර ගත් බව නිවේදනය කිරීමෙන් ටික කලකට පසු ට්‍රම්පේ මෙම සටහන පළ විය.
අවබෝධතා ගිවිසුම සිකුරාදා ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් අත්සන් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, ෂරීෆ් X හි සටහනක සඳහන් කළේ ගිවිසුම “ලෙබනනය ඇතුළුව සියලුම පෙරමුණු වල හමුදා මෙහෙයුම් වහාම සහ ස්ථිරවම අවසන් කිරීම” ඉල්ලා සිටින බවයි.
මූලාශ්‍රය – රොයිටර්














