අප්‍රේල් මාසයේ සටන් විරාමයෙන් පසු පළමු වතාවට දෙරට අතර දැවැන්ත ප්‍රහාර මාලාවක් සිදුවීමෙන් පසු ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට එල්ල කරන ප්‍රහාර නතර කළ බව පවසයි.
ඉරානයට සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි අරගලය “අවසන් වී නැති ” බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේය.
ඊශ්‍රායලයට “වේදනාකාරී ප්‍රතිචාරයක්” ලැබීමෙන් පසු මෙහෙයුම් නතර කළ බව ඉරාන සන්නද්ධ හමුදා ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව එය සිදුවිය.
ඊශ්‍රායලය තවත් ප්‍රහාර එල්ල කළහොත් “වඩාත් දැඩි සහ මර්දනකාරී පියවර” ගන්නා බවට ඉරානය සහතික විය. ලෙබනනයේ දී ඊශ්‍රායල හමුදා ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා කණ්ඩායමට එරෙහිව සටන් කරන ස්ථානය ද ඊට ඇතුළත් ය.
බේරූට් වෙත එල්ල කළ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස ටෙහෙරාන් ඉරිදා ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළේය.
සඳුදා අලුයම ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වූයේ ඉස්ලාමීය ජනරජයේ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමිනි.
බීබීසී සමඟ කළ සාකච්ඡාවකදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෙතන්යාහු ප්‍රහාර දියත් කිරීමෙන් ඔහුගේ අභිලාෂයන්ට පටහැනිව කටයුතු කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
“නෑ නෑ. එයාලා දැනටමත් ගිහින්… එයාලා දැනටමත් ගමන යනවා,” ඔහු පැවසීය.
අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් නෙතන්යාහුට කතා කළ බව ධවල මන්දිරය තහවුරු කළේය. ඔහුගේ ඉල්ලීම පරිදි ඊශ්‍රායලය සිය ප්‍රහාර නතර කළ බව ඊශ්‍රායල නිලධාරියෙක් පැවසීය.
ඉරානයට පහර දීම නැවැත්වීමට නෙතන්යාහුව පොළඹවා ගත්තේ කෙසේදැයි විමසූ විට ට්‍රම්ප් මෙසේ පිළිතුරු දුන්නේය: “මම කළේ ‘අපි බුද්ධිය භාවිතා කළ යුතුයි’ කියා පැවසීම පමණයි. අපි ඉතා බලවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්නයි, ඒක ඉතා හොඳ ගිවිසුමක්. න්‍යෂ්ටික අවි නැහැ, කිසිවක් නැහැ. ඔබ දන්නවා, අපි බොහෝ විට සාමාන්‍ය බුද්ධිය භාවිතා කළ යුතුයි. ඒක හොඳයි.”
ට්‍රම්ප් නෙතන්යාහු ගැන ද මෙසේ පැවසීය: “මම ඔහුට යමක් කරන්න කිව්වොත්, ඔහු එය කරනවා”
ඉරානය සමඟ නැවත යුද්ධයකට ගියහොත් ‘ඔහුට තනිවම සටන් කිරීමට සිදුවනු ඇතැයි’ ඊශ්‍රායල අගමැතිට පැවසූ බව ජනාධිපතිවරයා ඇමරිකානු ප්රවෘත්ති ආයතනයක් වන ඇක්සියෝස් වෙත පැවසීය.
“මම කිව්වා, ‘බිබී, ඔයා පරිස්සම් වෙන්න, නැත්නම් ඔයා ඉක්මනින්ම තනියම ඉඳීවි'” ඔහු පැවසූ බව ඇක්සියෝස් උපුටා දැක්වීය.
සඳුදා ඔහුගේ රූපවාහිනී ප්‍රකාශයේ දී, නෙතන්යාහු පැවසුවේ, “ආත්මාරක්ෂාව සඳහා ඊශ්‍රායලයට පූර්ණ අයිතියක් ඇති බවත්, අවශ්‍ය පරිදි අපි එය ක්‍රියාත්මක කරන බවත්” ට්‍රම්ප්ට පැවසූ බවයි.
ඉරිදා ප්‍රහාර රැල්ල සඳුදා උදෑසන ද අඛණ්ඩව පැවති අතර, ඉරානය ජෙරුසලම සහ මධ්‍යම සහ දකුණු ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල දියත් කළ බව ඊශ්‍රායල බලධාරීන් පැවසීය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පැවසුවේ, නිරිතදිග ඉරානයේ මහ්ෂහර් හි ඛනිජ රසායනික සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් දෙවන ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. එහි බැලස්ටික් මිසයිල සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නිපදවන බවත් ඊශ්‍රායල හමුදා නිලධාරියෙක් පැවසීය.
ඉරාන බලධාරියෙක් තස්නිම් ප්රවෘත්ති ඒජන්සියට පැවසුවේ ප්‍රහාරවලින් මහෂහර්හි පුද්ගලයින් 14 දෙනෙකු සහ ටෙහෙරානයේ එක් අයෙකු තුවාල ලැබූ බවයි.
සඳුදා දකුණු ලෙබනනයේ ටයර් වෙත ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූ අතර, ලෙබනනයේ ද ජීවිත හානි වාර්තා විය. රතු කුරුස සංවිධානය පැවසුවේ ඔවුන්ගේ බේරාගත් සිව්දෙනෙකු තුවාල ලැබූවන් අතර සිටින බවයි.
මේ අතර, සඳුදා උදෑසන දකුණු ලෙබනනයේ ඊශ්‍රායල හමුදා වාහන සහ සොල්දාදුවන් පිරිසකට රොකට් ප්‍රහාරයක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පැවසීය.
කලාපීය යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා අනතුරේ හෙළන නිසා ට්‍රම්ප් දෙරටටම “වහාම ‘ප්‍රහාර ‘ නවත්වන ලෙස” ප්‍රසිද්ධියේ පැවසීය.
“ඊශ්‍රායලය සහ ඉරානය… වහාම සටන් නතර කිරීමට කිරීමට බලාපොරොත්තු වෙනවා! ‘සාමය’ පිළිබඳ අවසන් සාකච්ඡා ඉදිරියට යමින් පවතින අතර, නොදැනුවත්කම හෝ මෝඩකම ඊට බාධාවක් විය හැකියි,” ඔහු Truth Social හි ලිවීය.
බීබීසී වාර්තාවක් ඇසුරිණි












