වසරකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු, රථවාහන මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) උදෑසන නිල වශයෙන් ආරම්භ කරන ලදී.
වේරහර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ වාහන පරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇති මුද්‍රණ අංශයේ මෙම කටයුතු සිදුවේ.
වසර 22 ක් තිස්සේ වාහන අංක තහඩු මුද්‍රණය කරන පෞද්ගලික සමාගමක නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මස අවසානයත් සමඟ තාවකාලිකව අත්හිටුවා තිබුණේය.
‘විධිමත් නිෂ්පාදන ක්‍රියාවලියක දී, තාක්ෂණික කමිටු ඇගයීම්වලට අනුව අදාළ ආයතන තෝරාගෙන සම්මත වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. අලුතින් ලියාපදිංචි කරන ලද සියලුම වාහන සඳහා දිනපතා අංක තහඩු මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් පවතී. අංක තහඩු මුද්‍රණය අවසන් වූ වහාම වාහන හිමිකරුට දැනුම් දීම සඳහා නව යෝජනා ක්‍රමය යටතේ පැය දෙකක් ඇතුළත කෙටි පණිවිඩයක් ද ක්‍රියාත්මක වේ.















