ජුනි 08, 09 සහ 10 යන දිනවල දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ 72ක විශේෂ ජාතික මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම වැඩසටහන මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අතහැර දැමූ පෞද්ගලික සහ රජයේ ඉඩම් ඩෙංගු මදුරුවන්ගේ ප්‍රධාන අභිජනන ස්ථාන බවට පත්ව ඇති බවත්, එමඟින් ඩෙංගු රෝගය වේගයෙන් පැතිරීමට දායක වන බවත් සෞඛ්‍ය බලදාරීන් අනතුරු අඟවා තිබේ.















