
මාකුඹුර – කොළඹ සහ මාකුඹුර – කඩවත මාර්ග දෙක සඳහා නව නැවතුම් 4 බැගින් එක් කර ඇති බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි.
අලුතින් එක් කළ නැවතුම් පොළ වන්නේ,
මාකුඹුර – කොළඹ – කලල්ගොඩ හන්දිය, NAITA (රාජගිරිය), ආයුර්වේද හන්දිය, හෙජ්ස් කෝට්
මාකුඹුර – කඩවත – දෙල්කඳ, Orion City – දෙමටගොඩ, තෝරණ හන්දිය, මහර හන්දිය
රැකියාවට, අධ්‍යාපනයට හෝ ඔබගේ දෛනික ගමනාගමන අවශ්‍යතා සඳහා තවත් පහසු සහ සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීමට Lanka Metro Transit සැමවිටම කැපවී සිටින බව ද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.













