කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට තුවාල

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගත් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූ 60කට අධික පිරිස අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ.

කුවේට් බලධාරීන් පැවසුවේ ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත්, එමඟින් ගුවන් තොටුපළේ සමහර කොටස් සහ අසල පිහිටි රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් වලට ද හානි සිදු වූ බවත්ය.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා වන බව මූලික තොරතුරුවලට අනුව වාර්තා වේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රහාරයේ වගකීම භාර ගත් අතර, එය ඉරාන ඉලක්කවලට එරෙහිව මෑතකදී එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගවලට පළිගැනීමක් ලෙස විස්තර කළේය.

කුවේට් රජය මෙම ප්‍රහාරය ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස හෙළා දුටු අතර ඊට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website