
මිල්ලනිය බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක අද (03) සවස ඇති වූ ගින්නකින් පුද්ගයින් 04 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අගුරුවාතොට පොලිසිය පැවසීය.
දුම ආශ්වාස කිරීමෙන් පීඩා විඳි නේවාසිකයින් 55 දෙනෙකු ප්‍රතිකාර සඳහා අසල රෝහල්වලට ඇතුළත් කර ඇත.
ගින්නට හේතුව තවමත් නිශ්චය කර නොමැති අතර, පරීක්ෂණ සිදුවෙමින් පවතී.















