ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙට (03) දිනට කල් තබා ඇත.
මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ වාචික කරුණු විමසීම අද අවසන් වූ අතර දෙපාර්ශ්වයේ තර්ක අවසන් වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව හෙට දිනකට කල් තැබීය.















