මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර වෙනුවෙන් ‘මාතර හක්මණ මාර්ගයේ’ විශේෂ රථ වාහන සැලැස්මක්

2026 රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහරස්ථානය මුල් කරගෙන පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. ජාතික වෙසක් උත්සවසට සමගාමීව අද (29) දින මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර සවස 05.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා වීධි සංචාරය කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් මාතර හක්මණ මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

පෙරහර තිහගොඩ ජාතික පාසල අසලින් ගමන් ආරම්භ කර මාතර දෙසට ගමන් කර මිදෙල්ලවල පුරාණ විහාරය අසලින් අවසන් කිරීමට නියමිතව ඇත. එම කාලය තුල මාර්ගයේ ගමනාගමනය සඳහා තිහගොඩ ජාතික පාසල අසල සිට විහාරස්ථානය දක්වා මාර්ග කොටස වසා තබන බැවින් රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග:-

මාතර දෙස සිට මිද්දෙණිය, හක්මණ දෙසට ගමන්ගන්නා සියළුම වාහන දියගහ හන්දියෙන් අපරැක්ක හරහා යටියන දෙසට ගමන් කර මිද්දෙණිය හා හක්මණ දෙසට ගමන් කිරීමට හැකියාව ඇත.

මිද්දෙණිය, හක්මණ දෙස සිට මාතර දෙසට පැමිණෙන සියළුම වාහන යටියන, අපරැක්ක, දියගහ හන්දිය හරහා මාතර දෙසට ගමන්කල හැකිය.

දෙයියන්දර, කඹුරුපිටිය හරහා මාතර දෙසට ගමන්ගන්නා සියළුම වාහන කඹුරුපිටිය ගම්උදාව හන්දියෙන් හෝ තිහගොඩ පොලතුගොඩ පහළ විටියල, නාරංගල, කද්දූව, මාළිම්බඩ, අකරැස්ස මාර්ගය හරහා මාතර දෙසට ගමන්කල හැකිය.

ඉහත මාර්ගය වසා තබන කාලය තුල රථවාහන රාජකාරි යෙදි සිටින නිලධාරින්ගේ මගපෙන්වීම මත මාර්ග භාවිතා කරන ලෙස මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website