සංචාරක රියදුරු හැඳුනුම්පත (Tourist Driver ID) යනු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙරටට පැමිණෙන විදේශීය සහ දේශීය සංචාරකයින් ප්‍රවාහනය කරන රියදුරන් වෙනුවෙන් නිකුත් කරනු ලබන නිල බලපත්‍රයකි. මෙමඟින් අදාළ රියදුරා රජය විසින් නිල වශයෙන් පිළිගත්, වෘත්තීය මට්ටමේ “සංචාරක තානාපතිවරයෙකු” බවට පත් කෙරේ.
මෙම හැඳුනුම්පත සතු කර ගැනීමෙන් රියදුරු මහතුන්ට සංචාරකයින් අතර ඉහළ විශ්වාසයක් සහ සුරක්ෂිතභාවයක් ගොඩනගා ගත හැකි අතර, ගුවන් තොටුපළ, ප්රමුඛ පෙළේ හෝටල් සහ සංචාරක ආකර්ෂණීය ස්ථානවලදී විශේෂ පිළිගැනීමක් මෙන්ම ප්රමුඛතාවයක්ද හිමි වේ. මීට අමතරව, සංචාරක අධිකාරිය මඟින් නොමිලේ පවත්වනු ලබන වෘත්තීය සහ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, ප්‍රධාන පෙළේ ට්‍රැවල් ඒජන්සි සමඟ සම්බන්ධ වී වැඩි සවාරි (Hires) ප්‍රමාණයක් ලබා ගනිමින් තම ආදායම ඉහළ නංවා ගැනීමටත්, ඕනෑම පරීක්ෂාවකදී නීතිමය ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් මේ හරහා මඟ පෑදේ.
මෙම වටිනා හැඳුනුම්පත ලබා ගැනීම සඳහා වලංගු රියදුරු බලපත්‍රය, පොලිස් වාර්තාවක්, ජාතික හැඳුනුම්පත සහ වෛද්‍ය සහතිකය වැනි මූලික ලියකියවිලි සපුරා ගත යුතුය. ඉන්පසුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.sltda.gov.lk වෙත පිවිස, එහි ඇති “Driver Registration” අංශය හරහා අදාළ තොරතුරු සහ ලියකියවිලිවල පිටපත් මාර්ගගතව (Online) ඉදිරිපත් කළ යුතුය. එම ලේඛන සලකා බැලීමෙන් පසු අධිකාරිය විසින් පවත්වනු ලබන කෙටි කාලීන සංචාරක පුහුණු සැසියකට සහභාගී වී, සියලු සුදුසුකම් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ආරක්ෂිත QR කේතයක් සහිත නිල සංචාරක රියදුරු හැඳුනුම්පත නිකුත් කරනු ලැබේ.
ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මකභාවය සහ රටේ කීර්ති නාමය රැකගැනීම සැමගේ වගකීමක් බැවින්, මහජනතාව සහ සංචාරකයින්ද තමන්ගේ ගමන් බිමන් සඳහා සැමවිටම මෙලෙස ලියාපදිංචි වූ, නිල හැඳුනුම්පත තිබීම අතිශය වැදගත් කරුණකි.
මූලාශ්‍රය – https://www.facebook.com/photo/?fbid=1432760918875766&set=a.667652685386597









