
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ 83වෙනි ජන්ම දින සැමරුම් උත්සවය (29) දින බත්තරමුල්ල, පැලවත්ත (පාර්ලිමේන්තුව අසල) පිහිටි සෝභිත පිළිරුව අසලදී පැවැත්විණ.
මෙම අවස්ථාවට කෝට්ටේ නාග විහාරාධිපති හා කෝට්ටේ ශ්‍රී පැරකුම්බා පරිවෙනාධිපති පූජ්‍ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, උප සභාපති රිචඩ් තනිප්පුලිආරච්චි, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර හා පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
සහභාගී වී සිටි සියලු දෙනා පුෂ්පෝහාර දක්වමින් සෝභිත නාහිමි ගෞරවයෙන් සිහිපත් කරළ අතර, පූජ්‍ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් සෝභිත නාහිමි පිළිබඳ විශේෂ ගුණකථනයක් සිදුකරන ලදි.
මෙම උත්සවය ශ්‍රී සෝභිත ගුණානුස්මරණ පදනම විසින් සංවිධානය කරන ලදි.
පින්තූර – අකිල බණ්ඩාර









