
‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බංග්ලාදේශයේ දුර්ලභ ඇල්බිනෝ මී ගවයා සමාජ මාධ්‍යවල එක රැයකින් වෛරස් වීමෙන් පසු ඊද් අල්-අදා පූජාවෙන් බේරී ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව සත්වයාගේ වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලය හරහා සංසරණය වීමට පටන් ගන්නා විටත් චාරිත්‍රානුකූල ඝාතනය සඳහා විකුණා දමා තිබූණේය.
කිලෝග්‍රෑම් 700 කට ආසන්න මෙම ඇල්බිනෝ මී ගවයා ඉක්මනින්ම විශාල ජනකායක් ආකර්ෂණය කර ගත් අතර, අසාමාන්‍ය සත්වයා පුද්ගලිකව දැකීමට විවිධ ප්‍රදේශවලින් අමුත්තන් පැමිණයහ.
රජය මෙම මී ගවයා ඩකාහි ජාතික සත්වෝද්‍යානයට ගෙන යාමට කටයුතු කර ඇති බව වාර්තා වේ.















