රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීම හැකියාව ගැන රජය යළි සලකා බලයි

කොවිඩ් – 19 වසංගතය අතරතුර සිදු කළ පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව නැවත හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බව Dailymirror වෙබ් අඩවියේ වාර්තාවක දැක්වේ.

නිර්නාමිකව පෙනී සිටීමට කැමැති රාජ්‍ය නිලධාරියෙක් උපුටා දක්වමින් අදාළ වාර්තාව පවසන්නේ ඩොලර් අනුපාතිකය පහත වැටීම සහ ආනයන බිල්පත් ඉහළ යාම හේතුවෙන් ආර්ථික අවදානම් අවම කිරීම සඳහා මෙම පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී පවතින බවයි. මෙම සැලැස්ම අද හෝ හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ඔහු පවසා ඇත.

ඉන්ධන භාවිතය, විශේෂයෙන් ඩීසල් ඉතිරි කර ගැනීම සඳහා රජයට හදිසි අවශ්‍යතාවයක් ඇති බව අදාළ රාජ්‍ය නිලධාරියා පැවසූ බව ද Dailymirror වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website