අප්‍රේල් මාසයේ දී ආනයනය කරන ලද ඉන්ධන වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 522ක් ගෙවීමට තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පැවසුවේය.
ඔහු පැවසුවේ මීට පෙර එම අගය මාසිකව ඩොලර් මිලියන 110ක් වැනි අගයක පැවති බවයි. මෙම තත්ත්වය සංස්ථාවට විශාල අභියෝගයක් බව පැවසූ සභාපතිවරයා මෙවැනි අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුව ද ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.












