පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් වනවාසලදී පිළිපනී – 12කට තුවාල

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (16) උදෑසන වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දී පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් පෙරලීමෙන් මගීන් දොළොස් දෙනෙකු තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

තුවාල ලැබූ මගීන් අනතුර සිදු වූ ස්ථානය අසල පිහිටි පෞද්ගලික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

වාර්තාවලට අනුව, දුම්රිය මාර්ගයේ එක් මැදිරියක් පෙරළීමෙන් එක් මාර්ගයක් අවහිර වී ඇති අතර පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය සේවාවලට දැනට බලපෑම් එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website