ප්‍රධාන ජලාශ සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 36ක් වාන් දමයි – දැදුරු ඔයේ වාන් දොරටු වසාදමයි

පළාත් කිහිපයකට ලැබෙමින් පවතින අධික වාර්ෂාව සමඟ ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18ක් ද වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

දැදුරුඔය ජලාශයේ විවෘත කර තිබූ සියලු වාන් දොරටු අද (14) දින උදෑසන 7.00ට වසා දැමූ බව ද ඔහු පැවසුවේය.

මෙම ජලය මුදාහැරීම මහා ගංවතුරක් දක්වා වැඩිවීමක් පෙන්නුම් නොකරන බව කී සූරියබණ්ඩාර මහතා පවතින තත්ත්වය පිළිබඳ ඉදිරියේ දී ජනතාව දැනුවත් කරන බව ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website