මුුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අද (14) කොළඹ මහාධිකරණයේ දී ප්‍රකාශ කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වා ගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් අද විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අදාළ විරෝධතාව ප්‍රතික්ෂේප කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවයි.
ඒ අනුව එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවකී කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වා ගෙන යාමට බාධාවක් නැති බවත් සඳහන් කළේය.











