ටිල්වින් සිල්වා මෙහෙයවන බාල ගල් අඟුරු කොමිෂමට අපි යන්නේ නෑ – චම්පික ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අවධාරණය කරයි

බාල ගල් අඟුරු ආනයනය පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි නොදෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍ය චම්පික රණවක අවධාරණය කළේ, ඔවුන්ට “එම කොමිසම හමුවේ පෙනී සිටීමට කිසිදු හේතුවක් නොමැති” බවයි.

සිය ජංගම දුරකථනය හරහා වීඩියෝ පටයක් ධාවනය කර පෙන්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය, එස්.එම්. මරික්කාර්, අජිත් පී. පෙරේරා, ඩී.වී. චානක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහ තමාගේ ඡායාරූප සමාජ මාධ්‍යවල බෙදාගෙන සාක්ෂි ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

“ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය අංශය මේකේ දාලා තියෙනවා ‘ගල් අඟුරු කොමිෂම ඔබලාගේ සාක්ෂි එනතුරු බලා සිටී. මරික්කාර්, අජිත්, චානක, චම්පික සාක්ෂි දෙන්න ගල් අඟුරු කොමිෂමට එන්නේ නැද්ද ? කියලා. අපි බොහොම පැහැදිලිව ගල් අඟුරු කොමිෂන් සභාවට කියනවා ටිල්වින් සිල්වා කියන එකම ඡන්දයක් වත් නොමැති, මොනම මහජන නියෝජනයක් නොමැති පුද්ගලයෙක් නම් ප්‍රධාන විනිසුරුවරු තිදෙනෙකුගේ මූලිකත්වයෙන් යුත් මේ කොමිෂම මෙහෙය වන්නේ ඒ කොමිෂන් සභා ඉදිරියට යන්න අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම මේ කොමිෂන් සභාවට ඕනෑවටත් වඩා ලිපි ලේඛන තිබෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website