
මහ පොළ ශිෂ්‍යත්වලාභින්ගේ ආදි ශිෂ්‍ය ජාලය හරහා මහපොළ අරමුදල මූල්‍යමය ප්‍රදානයකට එහා ගිය, එයින් උපකාර ලැබෙන සිසුන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා ද ශක්තියක් වන ආකාරයට ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
මැයි 12 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති, මහපොළ ප්රතිලාභ ලැබූ ආදි විද්‍යාර්ථයින් සහ දැනට මහපොළ ප්රතිලාභ ලබන විද්‍යාර්ථයින් එක් ජාලයකට ගොනු කිරීමේ අරමුණු කර ගනිමින් සෑදූ “මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට” – මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි ශිෂ්‍ය වෙබ් ද්වාරය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා ය.
මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය “ඔබට ලැබුණු මේ ශිෂ්‍යත්ව ඔබට විතරක් ලැබුණු එකක් ලෙස සලකන්න එපා. අප බලාපොරොත්තු වන්නේ උසස් අධ්‍යාපනයට ඔබට ඇති ප්‍රවේශය තහවුරු කිරීම හරහා ඔබගෙන් මේ රටට සේවයක් වීමයි”.
මෙම මහපොළ ශිෂ්‍යත්වය හරහා අධ්‍යාපනය ලබා අද වන විට ලොව පුරා විවිධ වෘත්තීය ක්ෂේත්රයන්හි නියැලෙන දහස් සංඛ්‍යාත ආදි විද්‍යාර්ථීන් පිරිසක් සිටිනවා. එම අරමුදලින් උපකාරයක් ලැබූ සියලුම දෙනා එකතු කරමින් ඔවුන්ගේ අත්දැකීම් හරහා තවත් පරපුරක් ගොඩනගමින් ඉදිරියට යන ගමන අද දින මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථි වෙබ් ද්වාරය විවෘත කිරීම ඔස්සේ සිදුවෙනවා.
අප රජය බලයට පත්වීමෙන් පසු මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ශිෂ්‍යයන්ට එම සහනය නිසි කාලයට ලබාදීමට කටයුතු සිදුකරලා තිබෙනවා. එමෙන්ම මහපොළ දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. එය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලැබූ විශාල ජයග්‍රහණයක්.
අද දින විවෘත වූ මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථි වෙබ් ද්වාරය හරහා මහපොළ අරමුදල මූල්‍යමය ප්‍රදානයකට එහා ගිය, එයින් උපකාර ලබන සිසුන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහාද ශක්තියක් වන ආකාරයට ගොඩනැගීම අපගේ අරමුණක් වී තිබෙන්නවා. ඒ නිසා තමයි මේක තීරණාත්මක පියවරක් වෙන්නෙ.
ඔබට මේ ලැබුණු ශිෂ්‍යත්වය ඔබට විතරක් ලැබුණු එකක් ලෙස සලකන්න එපා. මේක හරහා අප බලාපොරොත්තු වෙන්නේ උසස් අධ්‍යාපනයට ඔබට ඇති ප්‍රවේශය තහවුරු කිරීම හරහා ඔබෙන් මේ රටට සේවයක් වීමයි. රටක්, ලෝකයක් මීට වඩා හොඳ තැනක් බවට පත් කරන්න පුළුවන් බලපෑම ඔබ සිදුකළ යුතුයි. ඔබගේ සාර්ථකත්වය මගින් ඔබගේ පවුලේ, සමාජයේ, රටේ සාර්ථකත්වය තීරණය කරනවා.














