ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කළ වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (08) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.

වියට්නාම් – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ රැසක් උදා කර දෙමින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ සාර්ථක සංචාරයක නිරත විය.

වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වූයේ වසර 15කට පසුවය. වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website