ගෝල්ෆේස් අරගලයේ දී නිවාස සහ දේපොළ හානි වූ දේශපාලනඥයින්ට කරන ලද වන්දි ගෙවීම් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නැවත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.
අද (08) දින මෙම පෙත්සම විභාගයට ගත් අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නව නොතීසියක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
2022 මැයි 9 වන දින විරෝධතා භූමියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු දිවයින පුරා ඇති වූ නොසන්සුන්තාවයේ දී ගිනි තබා හෝ හානි කළ හිටපු අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයත් දේපොළ වෙනුවෙන් වන්දි ගෙවීම නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.















