ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා අද (29) සිට බලපැවැත්වෙන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

විධායක කමිටු සාමාජිකයින් සහ නිලධාරීන් ද ඔවුන්ගේ අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බව එම නිවේදනයේ වැඩි දුරටක් සඳහන් වේ.

මෙම තීරණය සභාපති අනුර කුමාර දිසානායක සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website