දේශපාලන වුවමනාවට යට නොවී මැයි 01 වැනිදා වෙසක් උත්සවය සමරන්න – මහාචාර්ය  කොටපිටියේ රාහුල හිමි

මැයි දිනය සැමරීම වෙනුවෙන් ඇති දේශපාලන වුවමනාව මත වෙසක් දිනය මැයි 30 වනදාට කල් දමා ඇති බව මහාචාර්ය  කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ද උන්වහන්සේලාගේ අදහස් ප්‍රකාශ කර ඇති බැවින් තමන්වහන්සේ එම අදහසට කිසිදු විටකදී විරුද්ධත්වයක් හෝ අගෞරවයක් සිදු නොකරන බව ද නාහිමියෝ පැවසූහ.

වෙසක් පොහොය දිනය ආණ්ඩුවට අයත් දෙයක් නොවන බැවින් මැයි 01 දිනය පුරාම බෞද්ධ වත්පිළිවෙත්වල නියැලෙන ලෙසට උන්වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website