භාණ්ඩාගාර මංකොල්ලයට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වගවීම රටට පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි

පරිගණක මුල්‍ය අපරාධ, හැකින්, ස්කෑම් ගැන ජනතාව දැනුමත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව, රටේ භාණ්ඩාගාරය තමන් යටතේ තිබූ ‘රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව’ විසින් ආරම්භ කර, නඩත්තු කළ ‘ඕස්ට්‍රෙිලියානු ණය ගිණුම්’ හි සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳ රටටත්, පාර්ලිමේන්තුවටත් සත්‍යය හෙළි කළ යුතුව ඇතැයි ‘ෆී ලෝයර්ස්’ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
මහා භාණ්ඩාගාර මංකොල්ලය ගැන ලේකම් හර්ෂණ සුරියප්පෙරුම, මුදල් නියෝජ්‍ය ඇමති අනිල් බොරු, අසත්‍යය පතුරවමින් ඇතැයි තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ අද (26) කොළඹ නිපෝන් හෝටලයේ පැවති පුවත්පත් සාකච්ඡාව අමතමිනි.
භාණ්ඩාගාර මංකෝල්ලය ‘පරිගණක අපරාධයකට ලඝු කිරීමට රජය උත්සහ දරයි. එය පට්ටපල් බොරුවකි. මිත්‍යාවකි. සත්‍යය නම් මෙම ගිණුම් ස්ථාපනය කර, පවත්වාගෙන ගොස් ඇත්තේ භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යි. මහා භාණ්ඩාගාරයේ ආධුනික ලේකම් හර්ෂණ සුරියප්පෙරුම ඇතුළු නිලධාරීන් 16ක් මෙම ගෙවීමට සෘජුව සම්බන්ධවී ඇත.
ලංකාව දැන් ‘ණය පැහැර හැරි රාජ්‍යයකි’ (Technical default)
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය හිමියන් සමඟ ලිඛිත එකඟතාවයක් ඇති කරගෙන ඇත. ඒ අනුව, ණය ගෙවීමක් ප්‍රමාද කළ හැකි උපරිම කාලය ‘දින 90’ කි. පසුගිය දෙසැම්බර් මස සිට මේ වන විට දින 100 ක් ගතවී ඇති බැවින් දැන් ලංකා රාජ්‍යය ‘ණය ගෙවීම පැහැර හැර ඇති රාජ්‍යය’(Technical default) කි.
2022 අප්‍රේල් මස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විදේශ සංචිත නොමැතිවීම නිසා ‘බුන්නත් භාවය’ ප්‍රකාශයට පත් කළ අතර, දැන් නැවත වරක් 2026 අප්‍රේල් මස තාක්ෂණික වශයෙන් ණය ගෙවීම පැහැර හැරි රාජ්‍යයක පත්වයට පත්ව ඇත. මෙම ‘තාක්ෂණික වශයෙන් වු බංකොලොත් භාවය’ රටට – පාර්ලිමේන්තුවට නිල වශයෙන් හෙළි කිරීමට පවා මුදල් අමාත්‍යවරයා, මුදල් ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා තවමත් කටයුතු කර නැත.
අනෙක් අතට, මුදල් රෙගුලාසි අනුව මෙම කරුණ සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් සිදු කර අවසන් වන තුරු, අදාළ ණයකරුවන්ට නැවත මුදල් ගෙවීමට ද හැකියාවක් නැත. ලංකා රාජ්‍යය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ණයකරුවන් අතර ඇති එකඟතාව බිඳවැටීම වළක්වා ගැනීමට රජය වහා පියවර ගත යුතුව ඇත. අත්දැකීම් නැති, පරිපාලනය නොදන්නා සූරියප්පෙරුම වැනි ලේකම්වරයෙකුට එය සිදු කළෙ නොහැකිය.

අභ්‍යන්තර විමර්ශනය ලේඛන වෙනස් කළේ මෙහෙමයි
අභ්‍යන්තර පරීක්ෂණය සඳහා ඒ.එන්. හපුගල නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව තවත් සමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ‘Technical Investigation Committee’ යක් අංක MF/01/16/02/01/2025/1 හා 2026 මාර්තු 24 දිනැතිව පත් කර තිබුණි. පසුව, එම අංකය හා දිනය සහිතවම ඒ.එන්. හපුගල හා එස්.එස්. මුදලිගේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන්ගේ සම සභාපතීත්වයෙන් යුතුව තවත් සමාජිකයින් තිදෙනෙකුත් සමන්විත ‘Technical Investigation Committee’ පත් කළ බවට ලිපියක් නිකුත් කර ඇත. සම සභාපතිවරුන් දෙදෙනා ගේ නම් සහිත කමිටුව පත් කිරීමේ ලිපිය, භාණ්ඩාගාරයේ අංශ වෙත යොමු කර ඇත්තේ 2026 අප්‍රේල් 21 හෙවත් ‘ෆී ලෝයර්ස්’ සංවිධානය කරුණු අනාවරණය කිරීමත් සමඟ ය. පෙර දාතම කර තිබූ මෙම ලිපි එම කාර්යාවලවල දී දින මුද්‍රා තබා ඇත. මංකොල්ලය අනාවරණය කිරීමෙන් පසුව මෙම ලේඛන සියල්ල නැවත බලවත් අධ්‍යක්ෂ ජනරාල්වරියක විසින් සිය භාරයට ගෙන ඇත.
2026 අප්‍රේල් 10 දිනැති වාර්තාව සුරියප්පෙරුම ලේකම්වරයා භාරදී ඇති අතර, 2026 අප්‍රේල් 17 දින ශ්‍රී ලංකා සැලසුම් සේවයේ හා ගණකාධිකරණ සේවයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එම වාර්තාව පදනම් කර ඇත. ඒ සඳහා පදනම් කොට ගත් ලේඛන මේ වන විට වෙනස් කර ඇත.
අභ්‍යන්තර පරීක්ෂණය සම්බන්ධයෙන් ලේඛන වෙනස් කිරීම තුළින් අපරාධය හා එහි මුලික විමර්ශනය විකෘති කිරීම තුළින් අපරාධයට සම්බන්ධ සැබෑ පාර්ශවයන්ට ගැලවීයාමට මාවතක් මේ වන විටත් මුදල් ලේකම්වරයා විසින් විවෘත කර ඇත.
මුදල් අමාත්‍යාංශය මේ වන විට දින මාරුකරමින්, විමර්ශන ලිපි සකස් කරමින් කටයුතු කරන ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මෙම ධූරයේ තබාගනිමින් ඉදිරියට කටයුතු කළ නොහැකි බව අවධාරණය කළ යුතුය.
2025 සැප්තෑම්බර් 7 සිදු වූ පරිගණක පද්ධතියට ඇතුළුවීමේ සිද්ධිය රහස් පොලීසිය වෙත වාර්තා කරනු ලැබූයේ අප්‍රේල් 21 දිනයි. රහස් පොලිස් නිලධාරීන් භාණ්ඩාගාරයට පැමිණ විමර්ශන අරඹා ඇත්තේ එයට පසු දිනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයේ පරිගණක, ලැප්ටොප්, සිම්පත්, හා දුරකතන සිය භාරයට ගෙන ඇත්තේ ඊයේ (අප්‍රේල් 25) යි.
මුදල් නියෝජ්‍ය ඇමති ඊයේ කිව්වා, මේ සිද්ධිය දේශපාලන වාසි ගන්නට (පොලිටිකල් ඈන්ගල් එකකින්) කළා ද? කියලා සොයා බලන බව. සුරියප්පෙරුම ලේකම්වරයා අඩුම ගානේ තමන්ගේ නියෝජ්‍ය ඇමතිවරයාට මේ ගැන නෑ අපේ හෙළිදරව්ව සිද්ධ කරන කල්. භාණ්ඩාගාරය පහුගිය මාස 12 ක් පාලනය වෙන්නේ ‘දේශපාලන කල්ට් එකකින්’. දැන් මුදල් නියෝජ්‍ය ඇමති හීනෙන් නැගිටලා බයිලා කියනවා. ලිපිකරුවෝ මත මේකේ වගකීම පටවන්න හදනවා. ලැජ්ජයි!
අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා ප්‍රංශ ණයක් සම්බන්ධයෙන් වන ලේඛනත් මේ විදිහටම අතුරුදන් වෙලා තියෙනවා කියලා. විමර්ශකයින් සොයා බලන්න ඕනි ‘මුලික විමර්ශනයේ ලේඛන උස්සන කෙනාමද මේ ප්‍රංශ ණය ගණුදෙනුවේ ලේඛන’ අතුරුදන් කරලා තියෙන්නේ කියලා.
භාණ්ඩාගාරය දේශපාලනීකරණය කිරීම
මහා භාණ්ඩාගරයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය 2025 සැප්තෑම්බර් මස සිට පුරප්පාඩුව පවතී. තව ද, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, වෙළඳ හා තීරුබදු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වැනි ස්ථාන ගණනාවක පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවකට දේශපාලන හේතුමත ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව 2026 ජනවාරි 1 දින සිට නිල වශයෙන් වසා දමා ඇති නමුත් ප්‍රශ්නගත ගෙවීම සම්බන්ධයෙන් සියළු මුලික කටයුතු සිදුව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය ඒකාබද්ධව කටයුතු කරමින් තිබූ අවස්ථාවක දී ය.
පරිගණ මුල්‍ය අපරාධ සහ වෙනත් විද්‍යුත් මාර්ගගත මුල්‍ය අපරාධ පිළිබඳව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව තම සෘජුවගකීම යටතේ පැවති ගණුදෙනුවක් සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රකාශයක් නිකුත් කර නැත. මෙම වංචනික ගෙවීම සම්බන්ධයේ පියවර ගණනාවක දී, ලේඛන සැකසීම, ගිණුම් සැකසීම, ලිපි හුවමාරුවට ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශවකරු බවට පත්ව ඇත.
ෆී ලෝයර්ස් සංවිධානය විසින් අනාවරණය සිදුකිරීමට දින කිහිපයට පෙර මහ බැංකුව ජනාධිපතිවරයා හමුවී පැවැත්වූ සාකච්ඡාවේ දී හෝ මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමන්, මුදල් අමාත්‍යතුමන් දැනුවත් කිරීමට මහ බැංකුව පියවර ගෙන නැත. මහ බැංකුව විසින් ද කිසිදු විමර්ශණ ආයතනයක් වෙත මේ මංකොල්ලය සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැති බව මේ දක්වාම කිසිදු අධිකරණයක් වෙත කරුණු වාර්තා නොකිරීමෙන් පෙනී යයි.
52.1 වන ව්‍යවස්ථාව යටතේ පත් කරුනු ලැබූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කෙරෙහි තවදුරටත් ජනාධිපතිවරයාගේ විශ්වාසය පැවතැන්නේ දැයි ඔහු ප්‍රකාශ කළ යුතුයි.
මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව ගොපල්ලෙකු නැති බැටළු රැළක් වෙලා
2022 ආර්ථික අර්බුදයට හේතු වූයේ එවකට පැවති අසමත් රාජ්‍ය මුල්‍ය කලමනාකරණයයි. රට බංකොලොත්වීමට එවකට පැවති මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති හා වගකීම් රහිත ක්‍රියාකලාපය හේතුවිය. 2022 අගෝස්තු සිට මහබැංකුව හා මුදල් අමාත්‍යාංශය නිවැරදි දේශපාලන නායකත්වයක් යටතට පත්වීම හේතුවෙන් රාජ්‍ය මුල්‍ය කළමනාකාරණය හා ආර්ථිකය යථා තත්වයට පත් කිරිමට හැකි විය. මේ වන විට නැවත වරක් මුදල් අමාත්‍යාංශයට හා මහ බැංකුව ගොපල්ලෙකු නැති බැටළු රැළක තත්වයට පත්ව ඇත.
ෆී ලෝයර්ස් සංවිධානය – නිපෝන් හෝටලය 2026 අප්‍රේල් 26














