ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා අසංග සෙනෙවිරත්න පත්වෙයි

ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න තේරී පත් වී තිබේ.

ශ්‍රී ලංකා ඔලිම්පික් මන්දිරයේ පැවති නිලවරණයේ දී, ශ්‍රී ලංකා රග්බි ප්‍රධානියා ලෙස කටයුතු කළ සෙනෙවිරත්න ඡන්ද 16ක් ලබා ගත් අතර  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ඡන්ද 11ක් ද, ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස් ඡන්ද දෙකක් ද ලබා ගත්තේය.

ඉදිරි වසර හතරක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවට නිලධාරීන් පත් කිරීම සඳහා වූ මැතිවරණය අද (25) සවස පැවති අතර, ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධිත ක්‍රීඩා සංගම් 29ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website