පසුගිය 17 (බ්රහස්පතින්දා) දින රාත්රී වැලිගම පොලිස් වසමේ පරණකඩේ ප්රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට වැලිගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 22 ක් වූ පරණකඩේ, වැලිගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු මව, පියා, සහෝදරයින් දෙදෙනා හා මවගේ වැඩිමහල් සහෝදරයා සමඟ නිවසේ ජීවත්ව සිට ඇති අතර මරණකරු හා මවගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මවගේ වැඩිමහල් සහෝදරයා විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අපරාධයට සම්බන්ධ අවුරුදු 58 ක සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.














