වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද දින, එනම් 2026 අප්‍රේල් 01 වැනිදා එනම් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නව ක්‍රමය 2026 ජූලි 01 වැනිදා දක්වා කල් දැමූ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.















