2025.05.19 වන දින දෙහිවල පොලිස් වසමේ නැදිමාල, පැපිලියාන පාර ප්‍රදේශයේ වෙළඳසැලක් තුලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කළ අපරාධයට සම්බන්ධ සැකකාර යතුරු පැදිකරුගේ ඡායාරූපයක් පොලිසිය විසින් නිකුත් කර ඇත.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විසර්ශන ක්‍රියාත්මක අතර ඡායාරූපය හොදින් නිරීක්ෂණය කර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන යම් තොරතුරක් ඔබ දන්නේනම්, නොපමාව පහත දුරකථන අංකය අමතා දැනුම් දෙන්න.
- සැකකරුගේ නම – සේනාරත්නගේ ධනංජය කෞෂල්‍ය පෙරේරා
- ලිපිනය – ඕබන් පෙදෙස, දෙහිවල
ස්ථානාධිපති, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්යංශය – 071 8596065
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්යංශය – 011 2809077

















