ඉන්ධන බවුසරයක්ම නිවසට ගෙනත් ‘නීති විරෝධීව ඉන්ධන රැස්කළ’ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉන්ධන බවුසර් රථයක් මොරගහහේන, ගෝනපල හංදිය ප්‍රදේශයේ නිවසකට ගෙනවිත් එම බවුසරයේ ඉන්ධන තොගය රැස් කරමින් සිටි සැකකරුවෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒ්කකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩීසල් ලීටර් 6752 ක්, පෙට්‍රල් ලීටර් 120 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මූලික විමර්ශන මගින් ඉන්දන ලබාගත් පානදුර ප්‍රදේශයේ ඉන්ධන හලක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ බවුසරයේ කුටීර තුල මෙන්ම නිවසේ සඟවා තිබූ බැරල් තුලද මෙම ඉන්දන තොගය තිබී ඇති අතර සැකකරු හා දේපළ වැඩිදුර විමර්ශන සඳහා මොරගහහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website