අනතුරුදායක ලෙස තිරික්කලයක් පදවා රිය අනතුරක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

2026.03.22 වන දින සවස 06.30 ට පමණ හලාවත-කුරුණෑගල මාර්ගයේ අනතුරුදායක ලෙස පදවමින් සිටි තිරික්කලයක් එම මාර්ගයේ තිත්තකඩේ ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරට ලක්වී තිබේ.

එම තිරික්කලය මාර්ගයේ ධාවනය කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා නොමැති අතර පැදවූ පුද්ගලයා විසින් ගවයාට කෘර ලෙස පහරදෙමින් මාර්ගයේ ධාවනය කළ අයුරුද අනාවරණය වූ බැවින් අනතුර සම්බන්ධවව විමර්ශන සිදුකළ හලාවත පොලිස් ස්ථානයේ රථවාහන අංශය අනතුරුට පත් වූ කරත්තය පැදවූ පුද්ගලයා ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින් ගවයා ධාවන තරඟ සඳහා පුරුදු කිරීමට මෙලෙස තිරික්කලය ධාවනය කිරීමට පෙළඹී ඇති බැවින් සත්ව හිංසන නීති වගන්ති ප්‍රකාරව 2026.03.25 හලාවත ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති අතර ගරු අධිකරණය විසින් මීලඟ නඩු දිනයට දින නියම කර සැකකරු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදාහැර ඇත.

අනතුර සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හලාවත මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website