මැදපෙරදිග අර්බුදය ශ්රී ලංකාවේ අපනයන අංශයට ද බලපා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේමුළු අපනයනවලින් 8%කට පමණ මැදපෙරදිග දායකත්වය සපයන බව කී සභාපතිවරයා ගැටුම් දිගටම පැවතුනහොත්, ඉරානයට යවන තේ අපනයනයෙන් 35%ක් වෙනත් වෙළඳපොළවල් වෙත හරවා යැවීමට බලධාරීන් සලකා බලමින් සිටින බව ද සඳහන් කළේය.
















