ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා – අමාත්‍ය උපාලි පන්නිලගේ

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දැනට දරිද්‍රතාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේය.

දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූවන්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බවත්, පළමුව ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම දරිද්‍රතාවයට හේතු හඳුනාගත යුතු බවත්, ඒ අනුව ප්‍රජා සංවර්ධන කවුන්සිල නියෝජිතයන් ඒකාබද්ධව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මැදපෙරදිග පවතින මිලිටරි ආතතීන් ගෝලීය ආර්ථිකයට යම් යම් බලපෑම් ඇති කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, පසුගිය මාස 15 තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගත් පියවර ශ්‍රී ලංකාවට ඇති බලපෑම් අවම කිරීමට උපකාරී වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website