ලංවිම අහෝසි කරමින් පිහිට වූ නව සමාගම් අද සිට බලාත්මකයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විය.ඒ අනුව 1969අංක 17දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමඟ අහෝසි විය.

විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමඟ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනය ද පසුගිය දා නිකුත් විය.

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් පිහිටු වනු ලැබූ සමාගම් 6 වන්නේ,

  1. විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම,
  2. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම,
  3. ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම,
  4. විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම,
  5. සේවක අරමුදල (පුද්ගලික) සමාගම
  6. එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම්ය.

මෙම සමාගම් අතරින් ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ පුද්ගලික සමාගම සහ විදුලි බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කර ඇත.

අලුතින් පිහිට වනු ලබන නව සමාගම් සඳහා පත්කර ඇති නව සාමාන්‍යාධිකාරීවරුන් වන්නේ,

  1. ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම – ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න මහතා,
  2. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම – ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ මහතා,
  3. විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම -ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර මහතා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු අවසන් වීමත් සමඟ විදුලිබල මණ්ඩලය යටතේ එහි සේවකයින් පිහිටුවා තිබූ වෘත්තිය සමිති සියල්ල ද අහෝසි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website