T20 World Cup Final: ඉන්දියාවෙන් නවසීලන්තයට වාර්තාගත ඉලක්කයක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නවසීලන්තයට එරෙහිව අද (8) ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුළු 5ක් දැවී ලකුණු 255ක් රැස් කළේය.

ඉන්දියාව රැස්කළ මෙම ලකුණු සංඛ්‍යව සැලකෙන්නේ විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දෙන ලෙස ඉන්දියාවට ඇරයුම් කළේය.

ක්‍රිකට් විචාරකයින්ට අනුව මෙම තරඟය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට ඇති සම්භාවිතාව 97%කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website