කොටුව පොලිස් වසමේ මහ බැංකු ගොඩනැගිලි සංකීර්ණයේ සිදුවූ රුපියල් ලක්ෂ 41කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි සොරකමක් සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශය සමත්ව තිබේ.
පසුගිය 2025 පෙබරවාරි 27 වන දින වාර්තා වූ මෙම සොරකමේදී රුපියල් 4,103,568/= ක් වටිනා මීටර් 288ක් පමණ දිගැති තඹ කම්බි තොගයක් කපා සොරාගෙන තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලදී.
විමර්ශනවල ප්‍රගතියත් සමඟ 2026 මාර්තු 04 සහ 05 යන දිනවලදී සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.













