පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස සුරේෂ් සාලේ නම් කරයි  – CIDය අධිකරණය දැනුම් දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාට ඉදිරි සහන් කළේය.

සැකකරු පසුගිය 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් ඒ අනුව අදාළ සිද්ධියේ තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකාර සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී තිබේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

එප ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව මෙම පුද්ගලයා සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website