විශේෂ කාර්යය බලකායේ STF COMBAT CHALLENGE උත්කර්ෂවත් ලෙස අවසන් වෙයි

‘ජය නියතයි’ ආදර්ශ පාඨය කරගත් විශේෂ කාර්යය බලකා 49 වන විරුදින සැමරුමට සමගාමීව STF COMBAT CHALLENGE ක්‍රීඩා තරඟාවලිය දවස් ගණනාවක් පුරාවට පැවැත්වුණු අතර එම තරඟාවලියේ අවසන් තරඟාවලිය පසුගිය දා විශේෂ කාර්යය බලකා කටුකුරුන්ද පුහුණු පාසලේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

පොලිස් විශේෂ කාර්යය බලකායේ 43 වසරක අභිමානවත් ගමන් මඟ මූලික කොටගෙන මෙම තරඟාවලිය පැවැති අතර එය කාය වර්ධන තරඟ, කයිකොන්ඩො සංදර්ශන ඇතුළු විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ විවිධ වූ සංදර්ශනවලින් උත්සවය වර්ණවත් වූහ. තරඟාවලිය පුරාවටම විශේෂ දක්ෂතා දැක්වූ සියලු නිලධාරයන්ට සහ එම කණ්ඩායම්වලට සම්මාන ප්‍රදානය ද එහිදී සිදුවිය.

මෙම සැමරුමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන්, රට දැය වෙනුවෙන් කැපවූ විර නිලධරයන්ගේ දක්ෂතා එසේ ඇඟයීමට ලක් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website