පසුගිය 27 වැනිදා ඔරුගොඩවත්තේ නිවසක් තුළ දී තියුණු ආයුධ භාවිතා කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ පාලන ඒකකයට ලැබුණු තොරතුරක් මත මොරවැව ශාන්තිපුරම් සහ මහදිවුල්වැව ප්රදේශවල ඊයේ (03) සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඝාතනයට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු සහ සැකකරුවන්ට නවාතැන් දුන් බව කියන එක් සැකකරුවෙකු ඇතුළත් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය සහ කෝවිල්වත්ත ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 21, 23, 25, 27 සහ 33 වියේ පසුවන්නන් බව හඳුනා ගෙන ඇත.















