ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන තරඟාවලිය අවිනිශ්චිත තත්ත්වයක

මැදපෙරදිග උත්සන්න වන ආතතීන් හේතුවෙන් ශ්‍රී ලංකාව  සහ ඇෆ්ගනිස්ථානය අතර  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තරාවලිය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

මාර්තු 13 සිට 25 දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේය.

අවසන් තීරණයක් ගැනීමට පෙර වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසීය.

“ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 10 වන දින ඩුබායි වෙත යාමට නියමිතයි. තීරණයක් ගැනීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය තක්සේරු කළ යුතුයි. අපි මැදපෙරදිග තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා. මෙය දිගටම පැවතුනහොත්, ඇෆ්ගනිස්ථානයට පවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට නොහැකි වනු ඇතැයි මම සිතනවා. ආරක්ෂාව අපගේ මූලික සැලකිල්ලයි. සුළුහෝ  අවදානමක් තිබේ නම්, අපි සංචාරය අවලංගු කිරීමට සූදානම්” ඈෂ්ලි ද සිල්වා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website