අධිකරණ ක්ෂේත්‍රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටලු නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මාතර අධිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබඳව මාතර නීතිඥ සංගමය සමඟ මාතර කොටවිල අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන සංස්කෘතියේ බලපෑම රාජ්‍ය සේවයේ සංස්කෘතියටත් බලපෑ බවයි. අද නීති ක්ෂේත්‍රයේ පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම පවතින බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු 6021ක් තිබෙන බවත් රටේ පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ පුරප්පාඩු 1800 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා බඳවා ගැනීම් මේ වන විට සිදුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
“අද වන විට අංග සම්පුර්ණ අධිකරණ සංකීර්ණ රට තුළ නැහැ. රජයේ රාජකාරී සිදු කිරීමේදී පවතින රෙගුලාසි අනුව කටයුතු කළ යුතුයි. මේ ප්‍රශ්න විසදීමේදී විවෘත මනසකින් යුතුව අපි කටයුතු කරනවා. අමාත්‍යාංශයේ පුරප්පාඩු සියල්ල බඳවා ගැනීමට එකවර සිදු කළ නොහැකියි. මහා භාණ්ඩාගාරයේ පවතින තත්ත්වය අනුව ක්‍රියා කළ යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හා මුල්‍ය කළමණාකරණ පනතට අනුව අපි කටයුතු කළ යුතුයි. පසුගිය රජයන්ට වගේ මුදල් අච්චු ගහන්න බැහැ. ස්ථාවරව අභියෝග ජය ගනිමින් පියවරින් පියවර පවතින ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉදිරියට යා යුතුයි” අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.














