ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානයට අතර ද්වීපාර්ශ්වීය එක්දින සහ පන්දුවාර විස්සයි-20 කිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මස දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ඇත.
මෙම සංචාරය යටතේ කණ්ඩායම් දෙක අතර T20 අන්තර්ජාතික තරග 3ක් සහ එක්දින අන්තර්ජාතික තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට 2026 වසරේ තරග කාලසටහන තුළ ඉතා වැදගත් අත්දැකීමක් ලෙස මෙම තරගාවලිය සැලකේ.
දෙරට අතර තරගාවලිය මාර්තු 13 වැනිදා සාජානුවරදී පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග මාර්තු 15 සහ 17 වැනි දිනවලදී සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අනතුරුව මාර්තු මස 20 වැනිදා පළමු එක්දින තරගය ද මාර්තු 22 සහ මාර්තු 25 දෙවැනි සහ තෙවැනි එක්දින තරගද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
| තරග කාලසටහන | ||
| මාර්තු 13 | පළමු විස්සයි-20 තරගය | ශාජාහිදී |
| මාර්තු 15 | දෙවැනි විස්සයි-20 තරගය | ශාජාහිදී |
| මාර්තු 17 | තෙවැනි විස්සයි-20 තරගය | ශාජාහිදී |
| මාර්තු 20 | පළමු එක්දින තරගය | ඩුබායිහිදී |
| මාර්තු 22 | දෙවැනි එක්දින තරගය | ඩුබායිහිදී |
| මාර්තු 25 | තෙවැනි එක්දින තරගය |















