අපොස සාපෙළ විභාග අපේක්ෂකයින් සඳහා ‘ආපදාවක දී උපකාර ගන්න’ හදිසි දුරකථන අංක නිකුත් කරයි

අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ පූර්වාරක්ෂාවක් ලෙස, අයහපත් කාලගුණයෙන් හෝ ආපදාවලින් පීඩාවට පත් විය හැකි අපොස සාපෙළ විභාග අපේක්ෂකයින් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විශේෂිත හදිසි සම්බන්ධතා අංක ලැයිස්තුවක් නිකුත් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ආපදාවට ලක්වන සිසුන්ට 117 හදිසි දුරකථන අංකය විවෘත කර ඇති බවයි.

මේ අතර අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විකල්ප ස්ථාවර දුරකථන අංක ද නිකුත් කර ඇත. ඒ අනුව, හදිසි අවස්ථා වාර්තා කිරීම සඳහා 011 3 66 80 20, 011 3 66 81 00, 011 3 66 80 13 සහ 011 3 66 80 10 ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website