ලාෆ්ස් ගෑස් හිඟය අවසන් කිරීමට ඇමැති දින දෙයි – නිසි පියවර නොගත්තොත් නීතිමය පියවර

පවතින සැපයුම් අර්බුදය විසඳීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ ලාෆ්ස් ගෑස් නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිත බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

තම සියලුම ගනුදෙනුකරුවන් සඳහා ප්‍රමාණවත් තොග ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා සමාගමට මාර්තු 12 වන දින දක්වා කාලයක් ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රමාණවත් බෙදාහැරීම නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ද  අනතුරු ඇඟවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website