අද (21) දින සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළඳපොළට නිකුත් කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඊයේ දින ගෑස් සිලින්ඩර 80,000ක් නිකුත් කළ බව කී අමාත්‍යවරයා සඳුදා සිට සිලින්ඩර 100,000ක් අඛණ්ඩව නිකුත් කිරීමට නියමිත බව සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් හෙට (22) දිවයිනට පැමිණීමට නියමිත අතර පෙබරවාරි 26 වැනි දා මෙට්‍රික් ටොන් 3,900ක් ද පෙබරවාරි 28 වන දින මෙට්‍රික් ටොන් 3,700ක් ලැබීමට නියමිතව තිබේ.
ලාෆ්ස් ගෑස් හිඟය ගැන අදහස් ඉදිරිපත් කළ අමාත්‍යවරයා පැවසුවේ, ලාඨ්ස් ගෑස් සිලින්ඩර මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයින් නිශ්චිත මුදලක් ගෙවා ආරක්ෂක තැන්පතුවක් කර ඇති බැවින්, ඔවුන්ට ගෑස් සැපයීම අදාළ සමාගමේ වගකීමක් බවයි.
ලාෆ්ස් ගෑස් සිලින්ඩර භාවිතා කරන පාරිභෝගිකයින්ට ඒවා ලිට්‍රෝ සිලින්ඩර සඳහා ඒවා හුවමාරු කර ගැනීමට නොහැකි බැවින්, බලපෑමට ලක් වූ පාරිභෝගිකයින්ට ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමට හැකි වන පරිදි මාර්තු 12 වන දින සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
ගෑම් අර්බුදයක් ඇති කිරීමට, පාරිභෝගිකයින් සූරාකෑමට හෝ අසාධාරණ ව්‍යාපාරික ලාභ ලබා ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව රජය දැඩි පියවර ගන්නා බව වසන්ත සමරසිංහ අවධාරණය කළේය.
















