දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් කර්මාන්ත සඳහා තිරසර මූල්‍ය යාන්ත්‍රණයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතටපත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යාපාර වෙනුවෙන්  තිරසාර සහ මූල්‍යමය වශයෙන් වගකිවයුතු මූල්‍ය යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය 16 සිට 20 දක්වා මෙරට සංචාරයක නිරත වූහ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක  ප්‍රතිඵලයක් වශයෙන් පැමිණි එම නියෝජිත පිරිස ඊයේ (19) ඊට අදාළ රජයේ පාර්ශවකරුවන් හමුවිය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ  නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා ජාතික ණය සුරැකුම් ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටීයහ.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්ගේ තිරසාර ආර්ථික අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අතවශ්‍ය, අවදානම අවම කරගැනීමේ හැකියාව, ප්‍රකෘතිමත්වීමට ඇති හැකියාව මෙන්ම මූල්‍යමය සාක්ෂරතාවය ලබාදීම වැනි වැදගත් කාරණා රැසක් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website