‘ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පතට’ කතානායකගේ සහතිකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව,  2026 පෙබරවාරි 19 දින “ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පතෙහි  සහතිකය සටහන්  කල බව   කථානායකවරයා අද (20) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

2025 දෙසැම්බර් මස 05 වන දින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් පළමු වර කියවීම සඳහා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 පෙබරවාරි 05 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

මෙම පනත් කෙටුම්පත  මගින්  ආයතනයේ සාමාජිකයන්ගේ වෘත්තීය ප්‍රමිතීන් සහ විනය පවත්වාගෙන යාම සඳහා වගකිව යුතු ශ්‍රී ලංකා තථ්‍යය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමටත්, තථ්‍යය දේපළ වෘත්තිය සම්බන්ධයෙන් වන ජනතාවගේ උනන්දුව ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය නමැති පනත් කෙටුම්පත 2026 අංක 6 දරන ශ්‍රී ලංකා තථ්‍යය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පනත  ලෙස  බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website