යතුරු පැදියක් ට්‍රැක්ටර් රථයක ගැටී පැදිකරු ජීවිතක්ෂයට

කොඩිකාමම් පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ නාවල් අඩි ප්‍රදේශයේදී ඊයේ  (17) රාත්‍රී කාලයේදී කොඩිකාමම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිසාවටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී යතුරු පැදිය මාර්ගයේ පෙරලී ගොස් පැදිකරු බස් රථයට යටවී අනතුරක් සිදුව ඇත.

අනතුරින් වයස අවුරුදු 40ක් වූ යතුරු පැදිකරු බරපතල තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රාත්‍රී කාලයේදී රිය පදවන ඔබ මෙවන් අවාසනාවන්ත අනතුරු අවම කරගැනීම සඳහා මේ ආකාරයෙන් ක්‍රියා කරන්න.

අවදානම් සහගත ඉස්සර කිරීම්වලින් වළකින්න – විශේෂයෙන්ම බස් රථ සහ ලොරි වැනි විශාල වාහන ඉස්සර කිරීමේදී, ඉදිරියෙන් එන වාහන හරි ආකාරයෙන් නොපෙනේනම් කිසිවිටෙකත් ඉස්සර කිරීමට උත්සාහ නොකරන්න. රාත්‍රී කාලයේදී මෙම අවදානම දෙගුණ වන බව සිහි තබා ගන්න.

වේගය පාලනය කරගන්න – තමන්ගේ සහ අන් අයගේ ජීවිත අනතුරේ හෙළන අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් වළකින්න. මාර්ගයේ පවතින තත්ත්වය අනුව වේගය පාලනය කර ගැනීම ඔබේ වගකීමකි.

යතුරුපැදිකරුවන්ගේ අවධානයට: යතුරුපැදියක් පදවන ඔබ විශාල වාහන අතරින්  රිය ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website