ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඊයේ (17) ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වූවාය.
ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සැපිරීම මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී ආචාර්ය ජෝර්ජිවා මහත්මිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හමු වූවාය.













