‍මතීෂ පතිරණට T20 ඉදිරි තරඟ අහිමි වෙයි – ඩිල්ෂාන් මධුශංක එක්වෙයි

වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

පසුගිය 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලේකැලේ පැවැති තරඟයේ දී මතීෂ පතිරණ ආබාධයකට ලක් වුණේය.

මතීසට ආරම්භක ඕවරයේ පන්දු හතරක් පමණක් යැවීමෙන් පසු කොර ගැසීමට සිදු වූ අතර කොළඹදී සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වූයේ ඔහු ආසන්න වශයෙන් සති හතරක විවේක කාලයක් ගත කළ යුතු බවයි.

මතීෂ වෙනුවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉසව් තාක්ෂණික කමිටුව වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඇතුළත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

නායක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග තුවාල ලැබීමෙන් පසු, මතීම මෙම තරඟාවලියේ සම-සත්කාරක කණ්ඩායම වෙනුවෙන් තුන්වන ප්‍රධාන අනතුරට ලක්වූ ක්‍රීඩකයා බවට විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website